"ෆිච් රේටිං" [Fitch Rating] හෙළිදරව්වෙන් "ආණ්ඩුව කැළඹේ"..........

ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රෝඩාව ගැන "ෆිච් රේටිං" [Fitch Rating] හෙළිදරව්වෙන් "ආණ්ඩුව කැළඹේ".......... (2011-12-25)

පහත පළ වන්නේ අද "සන්ඩේ ටයිම්ස් "පුවත්පතේ මුල් පුවතේ දළ පරිවර්තනයකි. {උපුටා ගන්නා ලද්දකි...}

ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපයේ අධික අනතුරු සහිත මුල්‍ය පද්ධති අතරට එකතු කර තිබේ.
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එය ප්‍රතික්ෂේප කරන්නේ එවැනි අධි අනතුරුදායක රටවල් වන ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත් ඒවායි.

බ්‍රිතාන්‍යයේ, යුරෝපයේ හා එක්සත් ජනපදයේ දැවැන්ත විරැකියාවක් ඇති බව පෙන්වන හේ ෆිච් රේටිං වැනි ආයතනවලට ඒ ගැන හා එම රටවල ඇති අධි අනතුරු කතා කළ නො හැක්කේ මන්දැයි අසයි.

එහෙත් විශ්ලේෂකයන් කියන්නේ ලංකාවේ අපනයන මිළ දී ගන්නා රටවල් වන මේ රටවල් අර්බුදයට පත්වීම ම ලංකාවට ලබන අවුරුද්දේ බැරෑරුම් ප්‍රශ්නයක් වන බවයි.
විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි ලංකාව අධික ආර්ථික වර්ධන වේගයක් ගැන කතා කරන්නේ ‍සංවර්ධිත ලෝතයේ බොහෝ රටවල් සිය වර්ධන ඉලක්ක අඩු කර තිබියදී ය.


එම අඩු කිරීම් මෙසේ ය.


රට | 2011 ආර්ථික වර්ධන වේගය | 2012 අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය
චීනය 9.3 % 8.5 %
ඉන්දියා 8 % 7.8 %
සිංගප්පූරුව 5.2 % 3%



"මේ අතර ලංකාව 2011 "8%ක් " වූ ආර්ථක වර්ධන වේගය 2012දී "8.3%ක්" දක්වා වැඩි වන බවට ප්‍රක්ෂේපණය කර ඇත. "


බ්‍රහස්පතින්දා නිතුත් කරන ලද "ෆිච් රේටිං" ආයතනයේ "ස්වෛරී ආර්ථික දර්ශනය "අනුව ණය වර්ධනය හා ඉහළ යන වත්කම් මිළ හේතුවෙන් ලෝකයේ වඩාත් ම අනතුරුදායක මුල්‍ය පද්ධති නමයෙන් හතරක් ම පිහි‍ටා ඇත්තේ "ආසියා පැසිෆික් කලාපයේ ය". වාර්තාව අනුව, ෆිච් විසින් වටිනාකම් නියම කරන ලද නැගී එන රවල් අතරින් මූලික ශේෂයේ හෙවත් "ජංගම ගිනුමට ශුද්ධ ඍජු විදේශ ආයෝජන" එකතුවෙහි අතිරික්තයක් පවත්වාගෙන ගොස් ඇත්තේ ලංකාව හා ඉන්දියාව විසින් පමණි.

වි‍ශ්ලේෂකයන් පවසන පරිදි ලංකාවේ අධික අනතුරුදායකකමට ප්‍රධාන හේතුව "අධික වෙළඳ ශේෂයයි". ලංකාව ආනයන සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 16ක් වැය කරන අතර අපනයන ආදායම එයින් භාගයකි. ඍජු විදේශ ආයෝජන මේ වසරේදී ඩොලර් බිලියනයක් වූ බව ජනාධිපතිවරයා අයවැය විවාදය අවසාන කතාව පවත්වමින් පැවසී ය.

එහෙත් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මහ බැංකුව විසින් රුපියල කෘත්‍රිමව ඉහළ අගයක තබා ගැනීම සඳහා ද එපමණ ම මුදලක් වැය කළ බවයි. මහ බැංකුව ඊට අමතරව පොළී අනුපාතික ද කෘත්‍රිමව පහළ මට්ටමක තබා ගනියි.
පහත පළ වන්නේ අද "සන්ඩේ ටයිම්ස් "පුවත්පතේ මුල් පුවතේ දළ පරිවර්තනයකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන පරිදි එක් ප්‍රශ්නයක් වන්නේ ජංගම ගිනුමත්, ප්‍රාග්ධන හා මුල්‍ය ගිනුමත් නිසියාකාරව නො පැවතීමයි. නිදසුනක් ලෙස ජංගම ගිනුමේ පුධාන දායකයා වන්නේ "වි‍දේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ය". විය යුත්තේ "අපනයන ආදායමයි".

ප්‍රාග්ධන හා මුල්‍ය ගිනුමේ ද ප්‍රධාන දායකයා වන්නේ "රාජ්‍ය ණයයි". විය යුත්තේ "ඍජු විදේශ ආයෝජනයි". මහාචාර්ය අබේරත්න පවසන පරිදි ලංකාව වැනි කුඩා රටවල වර්ධනය සිදු විය යුත්තේ අපනයනවලිනි. එහෙත් පසුගිය පස් වසර තුළ ශ්‍රී ලංකාවේ "අපනයන ශීඝ්‍රයෙන් පහත වැටිණි". එය මූලික ආර්ථික සංකල්පවලට පටහැණි කාරණයකි.

මෙවන් පසුබිමක් තුළ වර්ධනය පැමිණෙන්නේ කොහෙන්ද යන්න පුදුමයට කාරණයක් බව හේ පවසයි.

Comments

Popular posts from this blog

වාහනයක් මිලදී ගන්නා එක අද කාලේ තරුනයෙකු/ තරුණියක ගේ සිහිනයක්. එහෙනම් මේ කාරනා ටික පොඩ්ඩක් මතකයේ තබා ගන්නා එක ඔබට