ලංකා ආණ්ඩුව ප‍්‍රවෘත්ති වෙබ් අඩවි තහනම් කිරීම කටකතාවලට අත්තටු දීමක් !!!!!!

ලංකා ආණ්ඩුව ප‍්‍රවෘත්ති වෙබ් අඩවි තහනම් කිරීම කටකතාවලට අත්තටු දීමක් !!!!!! ස්වයං වාරණයක් ඇති කර ගන්නට යැයි කියමින් විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍යවලට වැට බැන්ද ආණ්ඩුව දැන් ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අහෝසි කරමින් ‘ශ‍්‍රී ලංකා මිරර්, ගොසිප්9, ලංකාවේනිව්ස්, ලංකා නිව්ස් වෙබ්, ලංකාඊ නිවිස් ඇතුළු ප‍්‍රවෘත්ති වෙබ් අඩවි තහනම් කිරීමට කටයුතු කරමින් සිටිනවා යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායක කරූ ජයසූරිය මහතා ආණ්ඩුවට අද (07) චෝදනා කළේය. ජනතාවට නිදහසේ තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව හමුවට නිදහස් තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත ගෙන ආ අවස්ථා දෙකේදීම ආණ්ඩුව දේශපාලන බලහත්කාරය යොදවමින් එය යටපත් කරනු ලැබීය. ආණ්ඩුව මෙසේ කරන්නේත්, ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය ඇහිරීමට මාධ්යැවලට තහංචි දැමීමෙන් නොනැවතී සයිබර් අවකාශය වන මෙරට පරනැ වෘත්ති වෙබ් අඩවිවලට වාරණ පනවන්නේත් ආණ්ඩුවට ජනතාවගෙන් හංගා ගැනීමට දේවල් තිබෙන නිසා නොවේද යන සැකය නිරායාසයෙන් මතු වන බව කරු ජයසූරිය මහතා කීය. පණිවිඩ කරුවාට වෙඩි තැබූ විට කටකතාවලට අත්තටු ලැබෙන බව කී කරු ජයසූරිය මහතා එය සමාජයට හිතකර දෙයක් නොවන බවද ප‍්‍රකාශ කළේය.

Comments

Popular posts from this blog

වාහනයක් මිලදී ගන්නා එක අද කාලේ තරුනයෙකු/ තරුණියක ගේ සිහිනයක්. එහෙනම් මේ කාරනා ටික පොඩ්ඩක් මතකයේ තබා ගන්නා එක ඔබට