බෞද්ධ සංකේතවලට නිගා කල බුදුරුව යොදා තිබු සාරි

සිංහල බෞද්ධ මේ රටේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරන වර්ෂයේ දිනෙන් දින අසන්නට ලැබෙන පුවත් අතිශයින්ම බෞද්ධ විරෝදී ඒවාය. ඉන් සමහරක් දෑ බෞද්ධයයි කියා ගන්න ලද පිරිසක් විසින් කරන ඒවා වන අතර බහුතරයක් අන්‍ය ජාතික, අනන්‍ය ආගමිකයින් විසින් සිදු කරන ලද ඒවා හා කරනු ලබන ඒවායි. මේ සිදු වීමද බෞද්ධ රටක කිසිසේත් සිදුවිය යුත්තක් නොවන අතර වෙනත් ආගමික රටක මේ දෑ සිදු වූවානම් මේ වන විට කුමකින් කුමක් සිදුව එත්දැයි සිත ගත නොහැකිය. බෞද්ධයන්ගේ ඉවසීමේ සීමාව වගේම අහිංසක ගුණය නිවටකම සේ සලකමින් බෞද්ධ සංකේතවලට නිගා කිරීමේ තිරශ්චීන ක්‍රියාදාමය වසර ගණනාවක් තිස්සේ සිදු කරනු ලබන අතර එය නොයෙක් ක්‍රේම මගින්ද සිදු කරනු ලබයි. අද දිනද අපට (2011-10-19) වාර්තාකිරීමට සිදුවන්නේ එවැනිම වූ සංවේග ජනක සිද්දියකි. කොළඹ, පිට කොටුවේ, කෙලින්විදියේ අංක 163 දරන ස්ථානයේ ද්‍රවිඩ ජාතිකයෙක් විසින් පවත්වාගෙන ගිය අස්වින් නමැති රෙදි පිලි මන්දිරයේ බුදුරජාණන්වහන්සේගේ ශීර්ෂය යොදා රු. 4500 ක් වැනි විශාල මුදලකට සාරි අලෙවිකරමින් සිටියදී සිංහල රාවය ජාතික සංවිධානයේ පිරිසක් එහි යාමෙන් අනතුරුව පිට කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ඇතුළු විශාල පොලිස් නිලධාරීන් පිරිසක් එහි පැමිණ පරික්ෂ කිරීමෙන් අනතුරුව බුදුරුව යොදා තිබු සාරි තොගයක් අත් අඩංගුවට ගත් අතර වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා අලුත්කඩේ උසාවියට ඉදිරිපත්කරන ලදී .

Comments

  1. 2600 සම්බුද්ධ ජයන්තිය විකුනගේන කෑම..
    http://pissupu.blogspot.com/2011/05/2600.html

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

වාහනයක් මිලදී ගන්නා එක අද කාලේ තරුනයෙකු/ තරුණියක ගේ සිහිනයක්. එහෙනම් මේ කාරනා ටික පොඩ්ඩක් මතකයේ තබා ගන්නා එක ඔබට